Tuesday, April 23, 2024

General line - 0115112241

19 හෝ 20 න් වැඩක් නැහැ - හිටපු ජනපති

තරංග රුක්ෂාන් ජයසේකර




19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තමාට ගැටළුවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනය ද ඵලක් නොවන කටයුත්තක් බවයි. 

" ඒක අසාර්ථක ප්‍රයත්නයක් කියලා මම දකිනවා. මොකද අනිවාර්යෙන්ම ජනමත විචාරණයක් තියන්න ඕනේ. ඒ වගේම මෙයාල හැදුවේ කෙටි මාර්ග වලින් යන්න. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකට ඉඩදෙන එකක් නැහැ. මහ ජනකායක් කොළඹට ඇවිල්ලා සත්‍යග්‍රහයක් කරලා ඉල්ලුවේ ජන්දයක්. නමුත් ඒ ගැන තවම පිළිතුරක් නැහැ යැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා".

මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ අනුරාධපුරයේදී ජය ශ‍්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.