Friday, April 26, 2024

General line - 0115112241

බස්නාහිර පළාත් සභාවේ ඉදිකිරීම් ගැන විගණනයක් කරන්න - ජවිපෙ

සජිත් තිලකරත්න




බස්නාහිර පළාත් සභාවේ සියලූ ඉදිකිරීම් පිළිබඳ විගණන පරීක්ෂණයක් සිදු කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ විගණකාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි කියා සිටියේ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ලට මිලියන 7000කට අධික මුදලක් වැයකර ඇති බවයි.

බස්නාහිර පළාත් සභාවේ ඇතැම් මිලදී ගැනීම් සම්බන්ධයෙන් ද ගැටළුවක් පවතින බවයි ඔහු කියා සිටියේ. 

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මෙම අදහස් පළ කළේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදීයි.