Thursday, April 25, 2024

General line - 0115112241

ආසියානු වොලිබෝල් තරගාවලියේ ශ‍්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට




ආසියානු අභියෝග ශූරතා පිරිමි වොලිබෝල් තරගාවලියේ මූලික වටයේ සිය දෙවන ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, මැලේසියාවට එරෙහිවයි. ශ‍්‍රී ලංකාව අද තරගය ද වට 03ට බිංදුවක් ලෙස ජය ගැනීම විශේෂත්වයක්. 

එහි ලකුණු සටහන දැක්වුණේ 25ට 16ක්, 25ට 18ක් සහ 25ට 23ක් වශයෙන්. ශ‍්‍රී ලංකාව සහභාගී වන මූලික වටයේ තවත් තරගයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යය සමඟ හෙට පැවැත්වෙනවා.