Friday, March 29, 2024

General line - 0115112241

ලංකාවට වාසි ගන්න පුළුවන් වෙලාව මේකලු

සජිත් තිලකරත්න




ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට මෙරට තවත් කණ්ඩායමක් සූදානම් වනවා. එම කණ්ඩායමේ සාමාජික, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ ශ‍්‍රී ලංකාව පිළිබඳ නිවැරදි ප‍්‍රතිරූපය ලෝකය හමුවේ තැබීමට දැන් කාලය උදාවී ඇති බවයි. 

අමෙරිකාවේ වත්මන් ක‍්‍රියා කලාපය ශ‍්‍රී ලංකාවේ වාසියට හරවා ගත යුතු බවයි රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වැඩිදුරටත් කියා සිටියේ. 

ජිනීවා මානව හිමිකම් කොමිෂම හමුවේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට සූදානම් බව ජගත් දේශපේ‍්‍රමි ලාංකික සංසදය ඉකුත්දා ප‍්‍රකාශ කළා.