Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දියාවේදී මහින්දට ලැබුණු ආරක්ෂාව ගැන කරුණු හෙළිවේ

හේමන්ත කහවලගේ




ඉන්දීය සංචාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් ආරක්ෂාව සහ පහසුකම් පිළිබඳ තවදුරටත් තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කණ්ඩායමට ඉන්දියාවේදී සම්පූර්ණ හෝටල් පහසුකම් ලබාදී ඇත්තේ එරට මධ්‍යම ආණ්ඩුවේ වියදමින් බවයි නෙත් නිවුස් වෙත අනාවරණ වුණේ.

අදාළ සංචාරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ලබා දෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදී ඇති බවද සඳහන්.  ඊට වෙඩි නොවදින මෝටර් රථ 02ක්ද අයත්.

හිටපු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අතර මුහුණට මුහුණ සාකච්ඡා වටයක් ද පැවැත්වුණා. ඉකුත් සමයේ සිදු වූ කිසිවක් පිළිබඳ එහිදී සාකච්ඡා වී නොමැති බවයි අනාවරණ වුණේ. වැඩි වශයෙන් අවධානය යොමු වී ඇත්තේ ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳවයි. 

මෙම සංචාරයේ දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ විශේෂ සැලකිලි හිමිව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.