Thursday, April 25, 2024

General line - 0115112241

"තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් විය යුතුයි"

හේරත් ඒකනායක




තමිල්නාඩු ප‍්‍රාන්තය සහ ශ‍්‍රී ලංකාව අතර සබඳතා මීට වඩා ශක්තිමත්ව පැවතියේ නම් දෙපාර්ශ්වයටම එමගින් වාසි රැසක් අත්කර ගැනීමට තිබූ බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. ඔහු කියා සිටියේ මේ වනවිට පැවති තත්ත්වය සමථයකට පත්වෙමින් ඇති බවයි. 

ඇතැම් ගැටළුවලට දේශපාලන මුහුණුවරක් ලබාදීම හේතුවෙන් එම ගැටළු විසඳා ගැනීමට තිබූ අවස්ථා ප‍්‍රමාද වූ බවයි කථානායකවරයා කියා සිටියේ. එමගින් ආර්ථික වාසි රැසක් මගහැරී ගිය බවද පෙන්වා දුන්නා.

ජනප‍්‍රිය ඉන්දීය කලාකරුවෙකු වූ එම්. ජී. ආර්. වෙනුවෙන් මහනුවර පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින් කථානායක කරූ ජයසූරිය මහතා මෙම අදහස් පළ කළා.