Saturday, April 20, 2024

General line - 0115112241

අලින් අතර සිදුවන දුර්ලභ සිද්ධියක් කැමරාවට හසුවෙයි (PHOTOS) (VIDEO)

කාංචන කුමාර ආරියදාස




කලාවැව ජාතික උද්‍යානයේ සිටි දැවැන්තම වනඅලියකුට  ඇතෙකු  විසින් ප්‍රහාරයක් එල්ල කොට මරා දමා තිබෙනවා.

මෙම මරණයට පත් වනඅලියා අලි රංචු කිහිපයකටම නායකත්වය ලබා දෙන බවයි වනජීවි නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

ඊයේ (16) දින පස්වරුවේ මෙම සිද්ධිය ඇති වී තිබෙනවා.

කලා වැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින අතර එහි කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබාදෙන බව කියන මෙම වනඅලියා දින ගණනාවක සිට කලා වැවේ සිටින දැවැන්ත ඇතෙකු සමග ගැටුමක් ඇති කරගෙන තිබුණා.

පසුව මෙම ඇතා ගේ දැඩි ප්‍රහාරයට ලක්ව ඊයේ පස්වරුවේ අදාළ අලියා මාරාන්තික තුවාල ලබා මියගොස් තිබෙනවා.

මෙම වනඅලියා මිය යෑමත් සමඟ අවට සිටි වනඅලින් රංචු පැමිණ මියගිය වනඅලියා අසලට වී ඔහුට අවසන් ගෞරව දැක්වීම සිදු කළ බවද වනජීවි නිලධාරීන් සඳහන් කළා. වනජීවී නිලධාරීන් කියාසිටියේ එවැනි අවස්ථා ඉතා දුර්ලභ බවයි.

අනෙකුත් අලි රංචු අදාළ මරණයට පත්වූ අලියා අසළින් ඉවත් වීමෙන් පසු යළිත් දළඇතා පැමිණ මරණයට පත්ව සිටි අලියාට දළවලින් ඇන තුවාල සිදු කර තිබෙනවා.