Saturday, April 20, 2024

General line - 0115112241

බනිස් ඇතුළු ක්ෂණික ආහාරවල මිල නොදන්වා ඉහළ දමයි

දිල්ශාන් තුෂාර




බනිස් ඇතුළු ක්ෂණික ආහාරවල මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල් සම්පත් කියා සිටියේ රුපියල් පහකින් පමණ එම ආහාරවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

පිටි මිල වැඩි කළ අවස්ථාවේ දැඩි ලෙස හඬ නැඟූ ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල් සම්පත් එහිදී කියා සිටියේ බනිස් ඇතුළු ක්ෂණික ආහාරවල මිල ගණන් ඉහළ නොදමන බවයි. එවැනි ප‍්‍රකාශයක් සිදු කර මෙලෙස මිල වැඩි කළේ මන්දැයි නෙත් නිවුස් ඔහුගෙන් යළි විමසා සිටියා.

එහිදී ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල් සම්පත් කියා සිටියේ "බේකරි හිමියන්ගේ සංගමයෙන් තමයි මිල ඉහළ දාලා තියෙන්නේ. අපිට අලෙවි කරන්න ගෙනල්ලා දෙන්නේ මේ කෙටි කෑමවල මිල ගණන් වැඩි කරලයි. ඒ නිසා තමයි මිල වැඩි කරලා විකුණන්න වෙලා තියෙන්නේ. අනෙක් කරුණ මෙම නිෂ්පාදනවල බර සම්බන්ධවත් විශාල ගැටලුවක් තියෙනවා. රටේ නිසි යාන්ත්‍රණයක් නැති නිසා පාරිභෝගිකයාට තමයි අසාධාරණය වෙලා තියෙන්නේ. " යනුවෙනි.

රුපියල් 260ට තිබූ පොල්තෙල් කිලෝ 1 දැන් අලෙවි වන්නේ රුපියල් 360ට බවත් සඳහන් කළා.

තිරිගු පිටි මිල ඉකුත්දා ඉහළ නැංවුණේ රුපියල් 05කින්. ඒ අනුව පාන් ගෙඩියක මිල ද රුපියල් 05කින් ඉහළ දැමුණා.