Thursday, April 25, 2024

General line - 0115112241

කෝටියක් වටින බ්‍රවුන් ෂුගර් කටුනායකින් අල්ලයි

ටී.කේ.ජී කපිල - කටුනායක




රුපියල් එක් කෝටි හැට ලක්ෂ හැට දහසක් වටිනා බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක්  ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි පාකිස්තානු ජාතිකයෙකු අද (17) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවා.

මොහු 35 හැවිරිදි පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු අද උදෑසන 8.15 ට ඕමාන් ගුවන් සේවයේ  W.Y.-371 දරන ගුවන් යානයෙන් මස්කට් හරහා පාකිස්තානයේ කරච්චි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් සකසා මෙම බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 606 ක් සඟවා ගෙන තිබියදී මෙලෙස සොයා ගැනුණා.