Friday, March 29, 2024

General line - 0115112241

ත්‍රස්තවාදී මර්ධන ඒකකය වෙනත් වැඩ වලට යොදවනවා - මහචාර්ය ජි එල් පිරිස්

මහේෂ් චතුරංග




නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අද (17) කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. 
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන සදහන් කර සිටියේ මෙවන් අදහසක්.

මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා නොවේනම් මේ දේ සිදුවුනේ ගමේ පොලිසියේ සාජන්ට්වරයෙක් හෝ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙක් නම් එහෙම නැත්නම් ගමේ සිටින සාමාන්‍ය කෙනෙක් නම් ඔවුන්ගේ පවුල්වල අයවලුන් පවා මේකට සම්බන්ධ කරන්න බලනවා. අවසානයේ වෙන්නේ පැමිණිල්ල හිරේ යනවා විත්තිය ගෙදර යනවා යැයි මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ද මෙහිදි අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ත‍්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ස්ථාපිත කර ඇති ආයතන වත්මන් රජය වෙනත් අරමුණු සඳහා භාවිත කරමින් සිටින බවයි.