Wednesday, April 24, 2024

General line - 0115112241

CIDය නාමල්ගෙන් පැය 10ක් ප‍්‍රශ්ණ කරයි

කසුන් කැලුම්




දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර, ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අද (17) රාති‍්‍ර 08 යි 30 ට පමණ  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. අද උදෑසන 10 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඔහුගෙන් එහි නිලධාරින් පැය 10කට අධික කාලයක් ප‍්‍රශ්ණ කර තිබෙනවා. 

ඒ,  නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පිළිබඳ ඔහු මාධ්‍ය හමුවේ සිදු කළ අනාවරණය සම්බන්ධයෙන්. නාමල් කුමාර ඉකුත් දා පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණ කළේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සිදු කළ කුමන්ත‍්‍රණයක් පිිළිබඳවයි. 

මේ අතර දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර සිදු කළ අනාවරණයේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින්. 

මේ අතර නාමල් කුමාර අනාවරණ කළ මෙම කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ ද අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
 

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක ද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
 

............................................................

නාමල් තවමත් CID  යේ

(17-09-2018 19:07)

ප‍්‍රකාශයක් ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගෙන් එහි නිලධාරීන් තවදුරටත් ප‍්‍රශ්ණ කිරිම් සිදු කරනවා. නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ අද (17) උදෑසන 10 ට පමණයි. ඒ,  නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා පිළිබඳ ඔහු මාධ්‍ය හමුවේ සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා දීම සඳහායි. 

නාමල් කුමාර මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළේ ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සිදු කළ කුමන්ත‍්‍රණයක් පිිළිබඳවයි. ඒ පිළිබඳ ප‍්‍රකාශයක් ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් කුමාර මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර සිදු කළ අනාවරණයේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් වීඩියෝ පට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සලකා බලමින්. 

මේ අතර කතාබහට ලක්ව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද රාති‍්‍රයේ ප‍්‍රචාරය වන නෙත් එෆ් එම් අන්ලිමිඩට් වැඩසටහනේදී සංවාදයට ගැනීමට නියමිතයි. එම වැඩසටහන අද රාති‍්‍ර 07 යි 30ට ආරම්භ වනවා.