Thursday, April 25, 2024

General line - 0115112241

24වනදා මධ්‍යම රාති‍්‍රයේ සිට බස් වර්ජනයක්




ආණ්ඩුව විසින් බස් ගාස්තු වැඩි නොකරන්නේ නම් ලබන 24 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අද ප‍්‍රකාශ කළා. ඒ, මාධ්‍ය හමුවක් කැඳවමින්. මේ එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත්.

කෙසේවෙතත් ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණයක් අනුව පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන බවයි.