Friday, March 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය හමුවේ අන්ත පරාජයක් : පළමු වටයෙන් ශ්‍රි ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවතට

දිනුක් හේවාවිතාරණ




පස් වරක් ආසියානු කුසලානයට හිමිකම් කියු ශ්‍රි ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් විමට සිදුවුවා. ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රි ලංකා කණ්ඩායම ලද ලකුණු 91 ක පරාජයත් සමගයි.

ශ්‍රි ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ එක්දින තරගයකදි පරාජයට පත්වු පළමු අවස්ථාව මෙය වනවා.

අබුඩාබි හි පැවති මෙම තරගයේදි මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 50 දි සියළු දෙනා දැවී ලකුණු 249ක් රැස් කරගනු ලැබුවා.

ලකුණු 250 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රි ලංකා පිලේ පන්දු ඕවර 41.2 කදි සියලු දෙනා දැවි රැස් කරනු ලැබුවේ ලකුණු 158ක් පමණි.

ශ්‍රි ලංකා පිල වෙනුවෙන් උපුල් තරංග ලකුණු  36ක් සහ තිසර පෙරේරා ලකුණු 28ක් රැස් කරගනු ලැබුවා.

ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පළමු ඕවරයේදිම කඩුල්ල මුවා කිරිමේ වරදට ලකුණු නොලබාම දැවි ගියා. 

මෙම තරගාවලියේ කුසල් මෙන්ඩිස් ක්‍රිඩා කළ තරග දෙකේදිම ලකුණු නොලබා දැවි යාම විශේෂත්වයක්.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රි ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ සමස්තයක් වශයෙන් ගත් කළ කණ්ඩායමේ සියළුම ක්‍රිඩකයින් දුර්වල ක්‍රිඩා විලාසය පරාජයට හේතුවු බවයි.

"තරගය ආරම්භයේ අපි නිවැරදිව සියලු දේ සිදු කලත් ඉණිම අතර මැදදී අපි හරියට ක්‍රිඩා කලේ නැහැ. පන්දු යවන්නන් ඔවුන්ගේ රාජකාරිය නිසි පරිදි කළා. පසුගිය තරගයට සාපේක්ෂව පන්දු රකින්නන් හොදින් පන්දු රැකිමේ යෙදුනත් පිතිකරණ අංශයේ දුර්වලත්වය තරගයේ පරාජයට හේතුවුනා. 

දකුණු අප්‍රිකානු තරගාවලියේ අවසන් අදියරේ අපි හොදින් ක්‍රිඩා කළා. නමුත් දැන් තත්ත්වය ගැන අපිට සිතන්න වෙලා තියෙනවා. අපිට පීඩනය දරා ගන්න බැරි උනා. ඇෆ්ගනිස්ථානය ඉතා හොදින් ක්‍රිඩා කළා යැයි ඇන්ජලෝ මැතිව්ස් සදහන් කර සිටියා.

ශ්‍රි ලංකාව ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් විමත් සමග "බි" ඛාන්ඩයෙන් දෙවන වටය සදහා පිවිසිමට බංග්ලාදේශ පිල සහ ඇෆ්ගනිස්ථානය සුදුසුකම් ලැබුවා.