Wednesday, April 24, 2024

General line - 0115112241

වියලි කාලගුණය නිසා කුඩා තේ වතු හිමියන් අර්බුධයක

ලලිත් චාමින්ද




පවතින දැඩි වියලි කාලගුණය හේතුවෙන් සිය  අස්වැන්න අසීමිත ලෙස පහත වැටී ඇති බව කුඩා තේ වතු  හිමියන් පවසනවා. මේ  හේතුවෙන්  තමන් දැඩි අර්බුධයකට මුහුණ පා සිටින බවයි කුඩා තේ වතු හිමියන් පවසන්නේ. කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති ටී. එම්. ඞී. මුහන්දිරම් මේ බව පෙන්වා දුන්නා.

වියලි කාලගුණය තවදුරටත් පැවතියහොත් තේ අස්වනු නෙලා ගැනීමට නොහැකි තත්වයක් උදාවනු ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

වියලි කාලගුණය හේතුවෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ කුඩා තේ වතු හිමියන් අනූ පන්දහසක් පමණ පීඩාවට ලක්ව සිටිනවා.