Thursday, April 25, 2024

General line - 0115112241

නාමල් කුමාරගේ ආරක්ෂාව ඉවතට




තමන්ට ලබාදුන් පොලිස් ආරක්‍ෂාව ඉවත් කර ඇති බව දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පවසනවා. සිය ආරක්‍ෂාව පිළිබදව ගැටළුකාරී තත්ත්වයක් තවමත් පවතින බවයි ඔහු නෙත් නිවුස් වෙත කියාසිටියේ.

---------------------------------------

රටේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ නාමල් කුමාර දුන් පිළිතුරු මෙන්න

18-09-2018 06:45

රටේ ආන්දෝලනාත්මක කතාබහක් ඇති කළ නාමල් කුමාර දුන් පිළිතුරු මෙන්න

තමන් අනාවරණ කළ කරුණු පිටුපස දේශපාලන හස්තයක් සිටිනම් ඒ පිළිබඳ ඔප්පු කර පෙන්වන්නැයි  දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අදාළ පාර්ශ්වයන්ට අභියෝග කරනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අනාවරණ කළ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 10 ක් ඔහුගෙන් ප‍්‍රශ්න කළා. නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර සිදුවූ දුරකතන සංවාදය පිළිබඳවද ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේදී විමසීමක් කෙරුණා.

ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.