Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්ධන රැගෙන ගිය දුම්රියේ අලි තිදෙනෙක් ගැටේ

ලහිරු කපුගේ




මඩකලපුව දුම්රිය මාර්ගයේ පළුගස්වල වැව සහ ගල්ඔය අතර දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ, කොළොන්නාවේ සිට මඩකලපුව බලා ධාවනය වූ ඉන්ධන රැගත් දුම්රියක් පිලිපැනීමකට ලක්වීම හේතුවෙන්.

වනඅලි තිදෙනෙකු ගැටීමෙන් දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට මහව දක්වා සීමා කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. දුම්රිය පීළිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.