Thursday, April 25, 2024

General line - 0115112241

ගුණ පොල් තෙල් දෙන්න අලුත් වැඩක්




ගුණාත්මකභාවයෙන් යුතු පොල්තෙල් මහජනතාවට ලබාදිම සදහා නව වැඩපිළිවෙලක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ආරම්භ කර තිබෙනවා. ප‍්‍රමිතියෙන් තොර පොල්තෙල් වෙළද පොළට නිකුත් කිරිම වැළැක්වීම මෙහි අරමුණයි.

පොල්තෙල් ඇතුළු ආහාර පිසීමට ගන්නා සියළුම තෙල් වර්ග වෙළද පොලට නිකුත් කිරීමේදී එහි අන්තර්ගතය පිළිබඳ ඇසුරුමේ ලේබලයේ දැක්විය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවේ. පාරිභෝගිකයන් මුලා කරමින් ඇතැම් වෙළදුන් කල් ඉකුත් වූ පොල්තෙල් අළෙවි කරන බවට එම අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව එම ඇසුරුම්වල තෙල්වල අඩංගු සංඝටකවල ප‍්‍රතිශතය මෙන්ම කල්ඉකුත් වන දිනය අනිවාර්යයෙන් දැක්විය යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පැවසුවේ.