Wednesday, April 24, 2024

General line - 0115112241

බැංකුවක් කොල්ලකා දවස් 06ක් සැඟව සිටි 06ක් අල්ලයි




කතරගම, දෙටගමුව ප‍්‍රදේශයේ බැංකුවකින් මුදල් සොරකම් කළ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ඉකුත් 12 වනදා එම බැංකුවේ තිබූ රුපියල් හත් ලක්‍ෂ අනූ තුන්දහස් නවසිය විසිඅටක මුදලක් තැන්පත් කර ඇති සේප්පුව සොරකම් කර තිබුණා. එම මුදලින් හාර ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක මුදලක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

සොරකම් කරන ලද මුදල්වලින් සැකකරුවන් මිලදි ගත් ජංගම දුරකතන 5ක් සහ සොරකම සදහා යොදාගත් වෑන් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම, මහියංගණය, අම්බලන්තොට සහ තිස්සමහාරාමය යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් හය දෙනෙක්. ඔවුන් තිස්සමහාරාම අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.