Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු ජනපති සමග රැස්වීමට යන්න පෙරත් වෙල්ගම පවුල්වාදය ගැන කතා කරයි

ලහිරු කපුගේ




පවුල්වාදය රටට නොගැළපෙන බවට තමන් කළ ප‍්‍රකාශය පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය අවධානය යොමුකරනු ඇතැයි  පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඉදිරි ජනාධිපතිවරණයට සිය සහෝදරයෙකු ඉදිරිපත් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් මන්ත‍්‍රීවරයා නෙත් නිවුස් වෙත ඉකුත්දා මෙම ප‍්‍රකාශය සිදුකර තිබුණා. හිටපු ජනාධිපතිවරයා බුද්ධිමත් තීරණයක් ගනු ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම කියාසිටියේ.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින්ගේ රැස්වීම අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. සිය මතය මෙම රැස්වීමේදී ඉදිරිපත් කරන්නේ දැයි නෙත් නිවුස් කුමාර වෙල්ගම මන්තී‍්‍රවරයාගෙන් විමසීමක් කළා.