Thursday, April 18, 2024

General line - 0115112241

රංගජීව සහ එමිල් රංජන් රිමාන්ඩ්




පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල්  රංගජීව සහ හිටපු  බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා ලබන ඔක්තෝම්බර් මස 2 වනදා දක්වා අද (18) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ ලබාදුන් නියෝගයකට අනුවයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා. ඇප ඉල්ලා ඔවුන් විසින් ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සම් කොළඹ මහාධිකරණය මීට පෙර ප‍්‍රතික්ෂේප වුණා.

සිද්ධියට අදාල පරීක්ෂණවලදී හමුවු ටී 56 අවි 25ක් සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා. මේ වන තෙක් එම වාර්තාව ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.