Friday, March 29, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවේ ඇපල් සහ කෙසෙල්වලිනුත් ඉදිකටු හමුවෙයි

කසුන් කැලුම් - අන්තර්ජාලය ඇසුරෙන්




ඔස්ටේ‍්‍රලියාවේ අළෙවි කරන ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුවත වාර්තා වුණේ එරට තුළ අළෙවි කරන ස්ටෝබෙරි තුළ තිබී ඉදිකටු හමුවීමේ ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසුවයි. ඇපල් සහ කෙසෙල්වල තිබී ඉදිකටු හමුවීමේ සිද්ධීන් වාර්තා වී ඇත්තේ සිඞ්නි නුවරින්.

මෙය කිසියම් කණ්ඩායමකගේ කඩාකප්පල් කි‍්‍රයාවක් විය හැකි බවටද සැක මතුවී තිබෙනවා. කෙසේවෙතත් ඇපල් සහ කෙසෙල්වලින් ඉදිකටු හමුවීමේ සිද්ධීන් පිළිබද එරට පොලීසිය දැනටමත් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි සදහන්. ඉදිකටු හමුවීමේ සිද්ධියෙන් පසු ඔස්ටේ‍්‍රලියාවේ සෑම ප‍්‍රාන්තයක්ම පාහේ ස්ටෝබෙරි අළෙවි කිරීම නවතා දමා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.