Thursday, April 25, 2024

General line - 0115112241

උතුරේ මහ ඇමතිගේ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

අධිකරණ වාර්තාකරු




උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමක් අද ප‍්‍රතික්ෂේප කෙරුණා. මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කළේ අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් තමන්ට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීම එම පෙත්සම සම්බන්ධයෙන් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචනයේ තීන්දුව ලබාදෙන තෙක් තාවකාලිකව නතර කරන ලෙසටයි.

මහ ඇමතිවරයා අදත් අභියාචනාධිකරණයේ පෙනී සිටියා. මෙම නඩුව ලබන ඔක්තෝබර් 16 වනදා නැවත විභාගයට ගැනීමටයි නියම කෙරුණේ.