Friday, April 19, 2024

General line - 0115112241

ආනයනික සීනි බද්ද ඉහළට

දිනුක් හේවාවිතාරණ




සිනි ආයනයනය කිරීමේ බද්ද රු. 12 කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරනවා. මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් nethnews.lk වෙත කියා සිටියේ මෙම බද්ද ඉහළ දැමීම නිසා වෙළදපලේ සිනි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

සීනි ආනයනය කිරීමේදී පනවා තිබු රු. 31 ක විශේෂ වෙළද භාණ්ඩ ඉවත් කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර මේ වන විට සීනි ආනයනය කිරීම සාමාන්‍ය තීරු බදු ව්‍යුහයට ඇතුලත් කර තිබෙනවා.

ඒ අනුව සිනි ආනයනයේදී ගෙවිය යුතු තීරු බදු, වරාය බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද යන සියල්ලෙහිම අගය වන්නේ රු. 42 ක් බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.

මේ වන විට ලෝක වෙළදපලේ සිනි නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බැවින් සිනි ආනයනය කරන සමාගම් විසින් දරනු ලබන ආනයනික පිරිවැය රු. 75 සිට රු. 55 දක්වා පහත බැස ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.