Friday, March 29, 2024

General line - 0115112241

කොටස් වෙළදපල කඩා වැටෙයි

ඩිල්ෂාන් මඩවල




වසර එක හමාරකට පසු පළමු වරට කොළඹ කොටස් වෙළඳපලේ  සියලූ කොටස් මිල දර්ශකය අද (18) ඒකක 6000ට අඩු අගයක් වාර්තා කළා. දිනයේ ගනුදෙනු අවසන් වනවිට එහි සියලූ කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 5971.21ක් ලෙසයි. ඊයේ (17) දිනට සාපේක්ෂව එය ඒකක 57.28ක අඩුවීමක්. 

මීට පෙර අවසන් වරට කොළඹ කොටස් වෙළඳපොල සියලූ කොටස් මිල දර්ශකය ඒකක 6000ට වඩා අඩු වූයේ 2017 වසරේ මාර්තු මස 28 වනදායි. 

මේ අතර අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය අදත් අවප‍්‍රමාණය වුණා. ශී‍්‍ර ලංකා මහබැංකුවේ දත්තවලට අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සඳහන් වූයේ රුපියල් 166.64 ක් ලෙසයි. එහි ගැණුම් මිල 163.10 ක් ලෙස සඳහන් වුණා.