Thursday, March 28, 2024

General line - 0115112241

ජනාධිපතිවරයා නොදැන සිටි දෙයක් ගැන ඇමතිවරයෙක් හෙළි කරයි

මහේෂ් චතුරංග




අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබියදී ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සංචාරයක් සඳහා විදේශගත වීම සම්බන්ධයෙන් ආණ්ඩුව අද (18) ප‍්‍රතිචාර දැක්වූවා. අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ජනාධිපතිවරයා කරුණු දැන නොසිටි බවයි. 

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට සංචාරයක් සඳහා විදේශගත වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම් ඒ සුමන්තිරන් ඉකුත්දා දැඩි විවේචනයක් කළා. අමාත්‍ය මහින්ද සමරසිංහ අද ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ ඊට ද පිළිතුරු ලබාදෙමින්. 

ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිව රණවිරුවන් සිරගත කර තබා ගැනීම කිසිසේත් අනුමත නොකරන බවද අමාත්‍ය මහින්ද සමරසිංහ මෙහිදී කියා සිටියා. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැ`දවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.