Saturday, April 20, 2024

General line - 0115112241

DIG ට එරෙහි සිද්ධියේ පසුපස සිටින්නේ හිටපු මහ බැංකු අධිපතිවරයාද?

පසන් වික්‍රමතිලක




ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නාලක සිල්වාට එරෙහිව ඇති කුමන්ත‍්‍රණ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමු කිහිපයකදී ද අද (18) අදහස් පළ වුණා. සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි කැඳවුම්කරු, නීතීඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත පැවසුවේ මෙම කුමන්ත‍්‍රණය පිටුපස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද සිටීදැයි සැකයක් පවතින බවයි. 

පිවිතුරු හෙළ උරුමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ද මේ පිළිබඳ අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට ආණ්ඩුව බියවී ඇති බවයි. 

එක්සත් ජාතික පක්ෂය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මෙම චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වූවා.