Friday, April 26, 2024

General line - 0115112241

DIG නාලක සිල්වා ගැන පාර්ලිමේන්තුවේ දීර්ඝ සංවාදයක්

සජිත් තිලකරත්න




නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි කුමන්ත‍්‍රණ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (18) දීර්ඝ වශයෙන් සංවාද කෙරුණා. මෙම සංවාදය ආරම්භ වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග යටතේ කළ ප‍්‍රකාශයකින්. 

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් රටේ පුරවැසියෙක් කරුණු සහිතව  හෙළි කරලා තිබෙනවා. මෙම කරුණ සම්බන්ධයෙන් දැනට ගෙන තියෙන ක්‍රියා මාර්ග මොනවාද ? ඒ වගේමයි මට ලැබී තිබෙන ආරංචියට අනුව මේක දේශපාලන බලපෙරලියක්. හේතුව ජනාධිපතිවරයාගේ ජිවිතයට යම් හානියක් සිදුවුනොත් එම ධුරයේ වැඩ බලන්න පත්වන්නේ අගමැතිවරයා යැයි මෙහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සදහන් කර සිටියේ 

දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා, කතානායකවරයා සහ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අතර එහිදී මෙවන් සංවාදයක් ඇති වුණා. 

මෙම සංවාදය අතරවාරයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන විමසූ ප‍්‍රශ්නයට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පිළිතුරු ලබාදුන්නා. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම ද මෙහිදී අතුරු ප‍්‍රශ්න මතු කළා. 

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මීටද ප‍්‍රතිචාර දැක්වූවා. 
 

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ලබාදුන් පිළිතුරෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සෑහීමට පත්වූයේ නැහැ. ඔවුන් පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයා මීට පිළිතුරක් ලබාදිය යුතු බවයි. ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ද මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. 

රාජ්‍ය අමාත්‍ය ශ‍්‍රියාණි විජේවික‍්‍රම ද මෙහිදී අදහස් දැක්වූවා. විශේෂත්වයක් වුයේ ඇයද පොලිස්පතිවරයා විවේචනය කරමින් කරුණු දැක්වීමයි. 

ප‍්‍රශ්නගත සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලිකව තමන් ද කරුණු සොයා බැලූ බව කථානායක කරූ ජයසූරිය මෙහිදී කියා සිටියා.