Tuesday, April 16, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ ඉන්දිය සංචාරය ගැන නිදහස් පක්ෂය කියන දේ

හර්ෂිකා සංජීවනී




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් පළවන අදහස් පිළිබඳ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප‍්‍රතිචාර දැක්වූවා. ඒ, ඔවුන් කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. අමාත්‍ය මහින්ද සමරසිංහ එහිදී ප‍්‍රකාශ කළේ ඉන්දියාව අසල්වැසි රාජ්‍යක් ලෙස මෙරට  ඕනෑම නායකයෙකු සමඟ සමීපව කටයුතු කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර එහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද හමු වී සාකච්ඡුා පවත්වනු ලැබුවා.