Tuesday, April 23, 2024

General line - 0115112241

අපනයන කේෂ්ත්‍රයේ සුළු වර්ධනයක් - ජනපති




2015 වසරට සාපේක්ෂව මේ වනවිට අපනයන ක්ෂේත‍්‍රයේ සුළු වර්ධනයක් පවතින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එහෙත් එම ක්ෂේත‍්‍රයේ ලබාගත යුතු ජයග‍්‍රහණ රැසක් තවදුවරටත් පවතින බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ.

අපනයන ක්ෂේත‍්‍රයේ බාධාවන් ඉවත් කිරීම මෙන්ම විදේශීය වෙළදපොලට සුදුසු නිෂ්පාදන ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා. 


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (18) පස්වරුවේ පැවති 2018 - අපනයන සම්මාන උළෙල අමතමින්.