Thursday, April 25, 2024

General line - 0115112241

බුදුරුව සහිත සාරියකින් සැරසී අධිකරණයට පැමිණි තරුණ නීතිඥවරිය පොලිසියට දුන් ප්‍රකාශය

දිනසේන රතුගමගේ




බුදුරුව සහිත සාරියක් පැළදගෙන යාපනය දිසා අධිකරණයේ සේවය සඳහා පැමිණි නීතිඥවරියට එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය  ප්‍රකාශයන් යාපනය පොලීසිය විසින් ලබාගෙන ඊයේ (18) යාපනය අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.

මේ අවස්ථාවේදී අධිකරණය තීරණය කොට ඇත්තේ අදාළ තොරතුරු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

තරුණ නීතිඥවරියගෙන් පොලීසිය විසින් ප්‍රකාශ සටහන් කරගත් අවස්ථාවේදී පොලීසියට පවසා අත්තේ තමන්ගේ ඉන්දියාවේ සිටින මිතුරියක් එම බුදුරුව සහිත සාරිය තමන්ට තෑගි කළ බවයි.

දේවරූප සහිත සාරි අවශ්‍ය තරම් වෙළෙද පොළේ ඇති බවත් ඒවා පැළද ගෙන කාන්තාවන් විශාල ප්‍රමාණයක් විවිධ ස්ථානවල සිටින බවත් තමන් දැක ඇති නිසා මෙම සාරිය ගැන එතරම් සුවිශේෂී සැලකිල්ලක්  නොදැක්වූ බවයි ඇය  පොලීසියට පවසා ඇත්තේ.

එම සාරිය පැළඳීම නීතියට පටහැනි බව තමන් නොදන්නා බවද එම නීතිඥවරිය ප්‍රකාශ කොට තිබෙනවා.

අදාල තරුණ නීතිඥවරිය බුදුරුව සහිත සාරියක් පැළද ගෙන යාපනය අධිකරණයේ සේවය සඳහා පැමිණ තිබුණේ පසුගිය සැප්තැම්බර් 12 වැනිදායි.

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළවූ පුවත මෙතැනින්)