Thursday, April 25, 2024

General line - 0115112241

පිටි මිල වැඩි කිරීම නීතිවිරෝධීයි - වැඩි කළ මිලට පිටි අලෙවි කරන්නන්ට නඩු

ඩිල්ෂාන් මඩවල




කිරිපිටි මිල අඩු කිරීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබෙනවා. 

ග‍්‍රෑම් 400යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් අඩුකළ යුතු බවයි එම නිර්දේශයේ සඳහන් වන්නේ.

ගෑස් මිල වැඩි කිරීමටද ජිවින වියදම් කමිටුව නිිර්දේශ කර තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් වැඩි කෙරෙනු ඇති.

උක් සහ (බීට්) සීනි ආනයන සහ සැපයුම් මත වැට් බද්ද පැනවීමටද යෝජිතයි.

මීට අදාළ ගැසට් නිවේදනය සඳහා මේ වනවිට අංකයක්ද වෙන් කර තිබෙනවා. මේ අතර තිරිගු පිිටි ආනයන සමාගම් ඉකුත් දා තිරිගු පිටි මිල වැඩි කර ඇත්තේ සිය අනුමැතියකින් තොරව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් 01 ක මිල රුපියල් 05කින් වැඩි කිරීමටයි ආනයන සමාගම් කටයුතු කළේ. ඊට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. තිිරිගු පිටි සඳහා වන උපරිම සිල්ලර මිල කිලෝ ග‍්‍රෑම් 01ක් රුපියල් 87ක් බවයි මෙහිදී සඳහන් කෙරුණේ. ඊට වඩා වැඩි මිලකට තිරිගු පිටි අලෙවි කරන වෙළඳුන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසුවා.