Friday, April 19, 2024

General line - 0115112241

කොටස් වෙළඳපොළට වෙච්ච දේ ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි

ඩිල්ෂාන් මඩවල/ දිල්ශාන් තුෂාර




කොළඹ කොටස් වෙළඳපොලෙහි සිදුවන කඩාවැටීම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය වීමෙහි තවත් නරක ප‍්‍රතිපලයක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

නෙත් නිවුස් ඊයේ (18) අනාවරණ කළේ කොළඹ කොටස් වෙළඳපොලෙහි සියලූ කොටස් මිල දර්ශකය වසර එකහමාරකට පසු පළමු වරට ඊයේ ඒකක 6000කටත් වඩා අඩු වූ බවයි. මෙම වසර තුළ එහි සිදුව ඇති සමස්ථ කඩා වැටීම සියයට 06ක් පමණ බවද එහිදී අනාවරණ කෙරුණා. 

ඒ පිළිබඳ කරුණු දක්වන ශී‍්‍ර ජයවර්ධනපු විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ සඳහන් කළේ "ශ්‍රී ලංකාව වගේ රටක රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙද්දී සමාගම්වල නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාර දිහා බලපුවාම විදේශීය අමුද්‍රව්‍ය මත හෝ විදේශ යන්ත්‍රසූත්‍ර මත තමයි රැඳිලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ ලාබ අඩු වෙනවා. මේක තමයි කොටස් වෙළඳපොළේදී වුණේ." යනුවෙනි.

කොටස් වෙළඳපොල කඩා වැටීම ආයෝජකයන් තවදුරටත් අධෛර්ය වීමට හේතුවක් බවද මෙහිදී පැහැදිළි කෙරුණා. මේ නිසා රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව නොපමාව කටයුතු කළ යුතු බවයි අවධාරණය කෙරුණේ.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ වාර්තාවලට අනුව ඊයේ ගනුදෙනු නිමාවන විට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 166.64ක් දක්වා ඉහළ ගොස් තිබුණා. එහි ගැනුම් මිල රුපියල් 163.10ක්.