Thursday, April 25, 2024

General line - 0115112241

පුස්තකාල ක‍්‍රමය ශක්තිමත් කළ යුතුයි



ජනතාව අතර කියවීමේ පුරුද්ද වැඩි කිරීම සඳහා පුස්තකාල ක‍්‍රමය ශක්තිමත් කළ යුතු බව ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. විෂය දැනුම සහිත පුස්තකාලාධිපතිවරුන්ගේ හිඟයද පුස්තකාල ක‍්‍රමය දුර්වල වීමට හේතුවක් වී ඇති බවයි එහි මහ ලේකම් සමන්ත ඉන්දීවර පෙන්වා දෙන්නේ.

ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඔහු මෙම කරුණූ දැක්වූවා.

පාසල්වල පුස්තකාල කාලපරිච්ඡේදය සහ පන්ති පුස්තකාල ක‍්‍රමය යළි ඇති කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ජනතාව අතර කියවීමේ පුරුද්ද වැඩිකිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයද හේතුවක් වූ බවයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. මෙවර මෙම ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය ලබන 21 වැනිදා සිට 30 වැනිදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලවේදී පැවැත්වෙනවා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.