Thursday, April 18, 2024

General line - 0115112241

වෙබ් අඩවි කිහිපයක නම් කියලා විස්තර අහලා.. වෙබ් මාධ්‍යවේදියෙකුට මරණීය තර්ජන

හේමන්ත කහවලගේ




කිසියම් පිරිසක් තමන්ට මරණීය තර්ජන කළ බවට වෙබ් මාධ්‍යවේදීයෙකු වන නුවන් නිරෝධ අල්විස් පවසනවා. මෙම පිරිස අමාත්‍ය ජෝන් අමරතුංග, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ති‍්‍රවරියගේ සහ පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම්ද අවභාවිත කළ බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

"හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මාධ්‍ය ලේකම් කියලා කෙනෙක් මට කතා කළා 16 වැනිදා උදේ. එයා කිව්වේ මම කරන වෙබ් සයිට්වලට මන්ත්‍රිතුමියගේ නිව්ස් ටිකක් දාගන්න ඕනේ..ඊට අමතරව තවත් ගොසිප් වෙඩ් අඩවියක නමක් කියලා ඇහුවා ඒක කරන කෙනාගෙ නම දන්නවාද කියලා. මම කිව්වා කරන කෙනාව මම දන්නවා..මොකක්ද වෙන්න ඕනේ කියලා. ඒ කට්ටියව හමු වෙන්න ඕනේ කිව්වා.. පස්සේ මම කතා කරලා.. කොළඹ හෝටලයකදී අපි හමු වුණා." යනුවෙන් ද සඳහන් කළා. 

එම හමුව සඳහා පැමිණ සිටියේ අදාළ නොවන පිරිසක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

තමන්ට තර්ජනය කළ පිරිස පොලීසියද නොමග යැවූ බවයි වෙබ් මාධ්‍යවේදී නුවන් නිරෝධ අල්විස් වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍ය ජෝන් අමරතුංග, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ති‍්‍රවරිය සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මෙම සිද්ධියට සම්බන්ධයක් නොමැති බව පසුව කළ සොයා බැලීමකදී තහවුරු වූ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් තමන් කොල්ලූපිටිය පොලීසියට පැමිණිල්ලක්ද කළ බවයි ඔහු පැවසුවේ. තමන්ට සිදුවූ අගතිය සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදී නුවන් නිරෝධ අල්විස් කොම්පඤ්ඤවීදිය පොලීසියටද ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා.