Friday, April 19, 2024

General line - 0115112241

කාර්යාල බස් රථයකට ප්‍රහාරයක් - ජීවිතයක් අනූ නවයෙන් බේරෙයි (PHOTOS)

චම්ලි ඒකනායක




කොළඹ සිට කුලියාපිටිය බලා ධාවනය වූ කාර්යාල ප්‍රවාහන සේවා බස් රථයකට කිසියම් පිරිසක් විසින් ඊයේ (18) රාත්‍රියේ  ගල් ප්‍රහාරයක් එල්ලකොට තිබෙනවා. පස්වරු 7.45ට පමණ උඩුබද්දාව කරවුල්ලදී මෙම ගල්ප්‍රහාරය එල්ලවූ බවයි එම බස් රථයේ ගමන් කළ අයෙකු පැවසුවේ.

එල්ල කරන ලද ගල් ප්‍රහාරය බස් රථයේ පැති වීදුරුවක් කඩාගෙන බස් රථය තුලට වැටී තිබෙනවා. ප්‍රහාරයෙන් එක් අයෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔහු පැවසුවේ තම ජීවිතය බේරුණේ අනූ නවයෙන් බවයි.

කුලියාපිටියෙන් කොළඹ සහ තදාසන්න නගර වෙත එන කාර්යාල බස්රථ හෙතුවෙන් තම කර්මාන්තය පාඩු ලබන බව පවසමින් කුලියාපිටිය කොළඹ සුඛොපභෝගි බස්රථ හිමියන් මීට පෙර වැඩ වර්ජනයකද නිරත වුණා.

ප්‍රහාරය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.