Friday, March 29, 2024

General line - 0115112241

ලංගම පුද්ගලික ගැටුමනිසා බස් වර්ජනයක්

රොමේෂ් මධුෂංඛ




වවුනියාවෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථවල සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වවුනියාවේ පෞද්ගලික බස් රථ සහ ශී‍්‍ර ලංගම බස් රථ සේවකයින් අතර ඇතිවූ ගැටුමක් මෙම වැඩවර්ජනයට හේතුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

ශී‍්‍රලංගම බස් රථ ධාවන වේලාවන් වෙනස් කර ධාවනය කරන බවද එයින් පෞද්ගලික බස් කර්මාන්තය අනතුරට ලක්වී ඇති බවද වැඩවර්ජනයේ යෙදී සිටින වවුනියාවේ පෞද්ගලික බස් සේවකයින් පැවසුවා.