Wednesday, April 17, 2024

General line - 0115112241

සීනි මිල වැඩි කිරීමට අවසර නොදෙන බවට මුදල් අමාත්‍යංශයෙන් ප‍්‍රකාශයක්




සීනි මත පැනවූ නව බදු හේතුවෙන් සීනිවල සිල්ලර මිල වැඩිකිරීමට අවසර ලබා නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා. ලෝක වෙළඳපලේ සීනි මිල බෙහෙවින් අඩුවී ඇති බැවින් සීනි සඳහා නව බදු පැනවූ බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.

ඉන්දියාව, තායිලන්තය, බ‍්‍රසීලය වැනි සීනි නිෂ්පාදිත රටවල ඉහළ අස්වැන්න හේතුවෙන් ශී‍්‍ර ලංකාවට ආනයනය කරන සීනිවල මෙතෙක් පැවැති ආනයනික පිරිවැය කිලෝවක් සඳහා රුපියල් 75 සිට රුපියල් 55 දක්වා අඩුවී ඇති බවද මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.