Wednesday, April 24, 2024

General line - 0115112241

පොත් බෑග් ගන්න දුන් මුදල් නිල නොවන ගිණුමකට

සජිත් තිලකරත්න




ඌව පළාතේ පෙර පාසල් සිසුන් සදහා සෞඛ්‍ය ආරක්‍ෂිත පාසල් බෑගයක් ලබා දීමේ අරමුණින් රාජ්‍ය බැංකු කිහිපයක් ලබා දුන් මුදල් චාමර සම්පත් දසනායක පදනම නමැති ගිණුමකට බැර වී ඇති බව අද (19) පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා. ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍ර චමින්ද විජේසිරි යොමු කර තිබූ ප‍්‍රශ්ණයකට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ශී‍්‍රයානි විජේවික‍්‍රම ලබා දුන් පිළිතුරකදීයි.
 

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි සහ රාජ්‍ය අමාත්‍ය ශ‍්‍රීයානි විජේවික‍්‍රම අතර මෙවන් සංවාදයක් ඇතිවුණා.