Thursday, April 18, 2024

General line - 0115112241

බුදුදහම විකෘති කළ හිමිවරුන්ට මල්වතු නාහිමිගෙන් අවවාද

හේරත් ඒකනායක




බුදුදහම විකෘති කරමින් දේශනා සිදු කර එම හඬ පට අන්තර්ජාලයට මුදා හළ හිමිවරුන් පිරිසකට මල්වතු මහා නා හිමියන් ඇතුලූ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභාව තරයේ අවවාද කර තිබෙනවා. ඒ, එම කාරක සංඝ සභාව හමුවට එම හිමිවරුන් කැඳවමින්.

මෙම භික්ෂූන් වහන්සේ බුදුදහම විකෘති කර සිදු කරන ලද දේශනා සම්බන්ධයෙන් විවිධ පාර්ශව මල්වතු මහ නා හිමියන්ට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. දිඹුල්කුඹුරේ උදිතරතන, හඳපාන්ගොඩ නිවාතාප, බත්තරමුල්ලේ අමදස්සන, වස්සක ධම්ම යන හිමිවරුන්ට මෙලෙස අවවාද කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.