Tuesday, April 23, 2024

General line - 0115112241

රෝහල් බලධාරීන් විශාල බඹර වද දෙකකට ගිනි තබයි (PHOTOS)

දිනසේන රතුගමගේ




රෝහලේ ගොඩනැගිල්ලක බැඳ තිබුණු විශාල බඹර වද දෙකක් ඊයේ (19) රාත්‍රියේ ගිනි තබා විනාශ කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණා.

කිළිනොච්චිය රෝහලේ ගොඩනැගිල්ලක මෙම බඹර වද දෙක බැඳ තිබුණා.

බඹර වද දෙකට ගිනි ඇවිළීමත් සමගම එම වටපිටාව පුරාම විශාල ගින්නක් හටගෙන ඇති අතර කිළිනොච්චිය ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සූදානම් කොට බඹර වදවලට ගිනි තැබීම නිසා  විනාඩි කිහිපයක් තුළ ඇති වෙන්නට ගිය විශාල ගිනි ගැනීමක් වලක්වා ගැනීමට හැකි වී තිබෙනවා.

මෙම බඹර වද දෙක නිතර ඇවිස්සීම නිසා බඹරු රෝහලේ රෝගීන්ට දෂ්ඨ කිරීම් නිරන්තරයෙන් වාර්තා වෙන බවයි රෝහල් කාර්යය මණ්ඩලය පැවසුවේ. ඒ හේතුවෙන් මෙම බඹර වද දෙක ඉවත් කිරීමට තීරණය කොට තිබුණා.

කෙසේවෙතත් කිළිනොච්චියේ හා යාපනයේ අවිහිංසාවාදී හා සත්ත්ව සංගම් රෝහලේ බඹර වදවලට ගිනි තැබීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය පළ කොට තිබෙනවා.