Tuesday, March 19, 2024

General line - 0115112241

රථවාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් රජයෙන් නව තීරණයක්

ඉෂාර සුපෙම් මානගේ




දිගින් දිගටම රුපියල මත ඇතිවී තිබෙන පීඩනය සහ අනවශ්‍ය ලෙස අධික වශයෙන් මෝටර්  රථ ආනයනය වැළැක්වීම සඳහා රජය මගින් නව නීතියක් පනවා තිබෙනවා.
    
ඒ යටතේ රථවාහන ආනයනය සඳහා වානිජ බැංකුවල ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවට නියෝගයක් පනවා තිබෙනවා.

මින් පෙර මෙම තැන්පතුව පැවතියේ 10% වශයෙන්.

මේ සඳහා කල්බදු ක්‍රමය යටතේ ණය ලබාදීම ද තහනම් කර ඇති බවයි සඳහන් කෙරුණේ. 

වානිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථවාහන හැර අනෙකුත් සියලූ වාහන සඳහා මෙය වහාම ක්‍රියාත්මක වන පරිදි බලපවත්වනු ඇති.