Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සාර්ථකව අවසන් කෙරේ (UPDATE)

මහේෂ් චතුරංග/තරංග රුක්ෂාන්/කසුන් කැළුම්/සජිත් තිලකරත්න/ලහිරු කපුගේ/සමන්ත කුමාර/නිශාන් ද සිල්වා




20 වන වරටත් සංවිධාන කෙරුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය  අද (30) රාති‍්‍රයේ සාර්ථකව අවසන් වුණා. අවසන් දිනය වූ අද දිනයේද පොත් මිලදී ගැනීමේ අරමුණින් බොහෝ පිරිසක් පොත් ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණියා.

ඔවුන්ගෙන් බහුතරය නෙත් එෆ් එම් සමාජ සත්කාරකයට ද දායක වෙමින් මිලදී ගන්නා අලූත් පොත් නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට පරිත්‍යාග කිරීම දැකගත හැකි වුණා. ඒ, අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල ආරම්භ කිරීමේ මහ`ගු සත්කාරයට දායක වීමේ අරමුණින්. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සදහා මෙවරද නිල රේඩියෝ දායකත්වය ලබා දුන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
 

...................................................................

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය අදයි

(30-09-2018 19:01)

අද (30) දිනය කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය වුවද වෙනදා මෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් විශාල පිරිසක් පොත් මිලදී ගැනීම සඳහා පැමිණෙන අයුරු දැක ගත හැකි වුණා. එලෙස පැමිණි පිරිස් නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ස්ථාපිත පොත් කැටයට අලූත් පොතක් පරිත්‍යාග කිරීමටද අමතක කළේ නැහැ.

ඒ, අවශ්‍යතා සහිත පාසල් වල පුස්තකාල ආරම්භ කිරීමේ මහඟු සත්කාරයට දායකවීමේ අරමුණින්. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා පොත් ප‍්‍රදර්ශනයේ නෙත් පරිශ‍්‍රයේ සිටින නෙත් එෆ් එම් විශේෂ නියෝජිත තරංගා නානායක්කාර.


කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද රාති‍්‍ර 09 තෙක් විවෘතව පවතිනවා.

 

..............................................................

20 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (30) අවසන් දිනයයි.

ඊයේ (29) දිනයේද පාඨකයින් රැසක් ප‍්‍රදර්ශන භූමියට පැමිණ සිටියා. පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබට මහගු සමාජ සත්කාරකයකට දායක වීමට නෙත් එෆ්. එම්. රේඩියෝව මෙවරද අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඒ, අලූත් පොතක් දන් දී ජීවිතයක් අලුත් කිරීමේ අරමුණින්. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ අලුත් පොතක් නෙත් එෆ්. එම්. පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට පරිත්‍යාග කිරීමයි. ඔබ ලබාදෙන එම පොත් අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල ආරම්භ කිරීමේ මහගු සත්කාරයට එක්කර ගැණෙනවා.

මෙම සත්කාරයට දායකවූ පාඨකයින් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් පළ කළා. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ පොත් කැටය අලුත් සංකල්පයක් බවයි. ඔවුන් කියවා අවසන් කළ පොත් රැසක් මෙම පොත් කැටයට දැමූ බවද සඳහන් කළා. ඉඩක් ලැබෙන හැම වෙලාවකම පොතක් කියවා දැනුමට යමක් එකතු කර ගන්නට සෑම දෙනාම කටයුතු කළ යුතු බවයි වැඩි දුරටත් සඳහන් කෙරුණේ.

දැනුම ඉතිරි කරන්නට නෙත් එෆ්. එම්. රේඩියෝව දිරිය නෙත් සමග ඔබට මෙලෙස ආරාධනා කරනවා.  

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ දායකත්වය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවෙන්.

 


 

---------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අදත් මහ සෙනගක්  (UPDATE)

(29-09-2018 18:40)

 

20 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 9 වන දිනයේ කටයුතු මේ වනවිට සාර්ථකව සිදු වනවා. අද පස්වරුවේ ද පොත් මිලදී ගැනීමේ අරමුණින් බොහෝ පිරිසක් පොත් ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණියා.

පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන බොහෝ දෙනෙකු නෙත් එෆ් එම් සමාජ සත්කාරයට දායක වන්නේ ද ඉතා කැමැත්තෙන්. ඔවුන් මිලදී ගන්නා අලූත් පොත් නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට පරිත්‍යාග කිරීම ද දැකගත හැකි වුණා. ඒ, අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල ආරම්භ කිරීමේ මහගු සත්කාරයට දායක වීමේ අරමුණින්.  කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සදහා නිල රේඩියෝ දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.

.......................................................

20 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 9වන දිනය අදයි. අද උදෑසන කාලයේද විශාල පිරිසක් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රය වෙත පැමිණියා. ප‍්‍රදර්ශන භූමියේදී පාඨකයින් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.   

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.
-----------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 08 වැනි දිනය අදයි 

28-09-2018 19:40

20 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 8 වන දිනය වන අද (28) දිනයේ ද ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා විශාල පිරිසක් ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණියා. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ මේ මොහොත වනවිටත් විශාල පිරිසක් පොත් මිලදී ගැනීමේ අරමුණීන් ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණ සිටින බවයි. 

පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන බොහෝ දෙනෙකු අඩු පහසුකම් සහිත පාසල්වල පුස්තකාල ගොඩනැගීමේ නෙත් එෆ් එම් සමාජ සත්කාරකයට දායක වන්නේ ද ඉතා කැමැත්තෙන්. ඒ, තමන් මිලදී ගන්නා අලූත් පොත් නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට පරිත්‍යාග කරමින්. නෙත් එෆ් එම් පරිශ‍්‍රය වෙත පැමිණි කිහිපදෙනකු මෙම ප‍්‍රදර්ශනය සහ නෙත් එෆ් එම් සමාජ සත්කාරය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.
 

 

................................................

20 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 08 වන දිනය අද (28)යි. අද දිනයේ ද පාඨකයින් රැසක් ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇති බවයි ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් සමන්ත ඉන්දීවර ප‍්‍රකාශ කළේ. 

පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබට මහඟු සමාජ සත්කාරකයකට දායක වීමට නෙත් එෆ් එම් රේඩියෝව මෙවරද අවස්ථාව උදාකර දී තිබෙනවා. ඒ, අලූත් පොතක් දන් දී ජීවිතයක් අලූත් කිරීමේ අරමුණින්. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ අලූත් පොතක් නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට පරිත්‍යාග කිරීමයි. ඔබ ලබාදෙන එම පොත් අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල ආරම්භ කිරීමේ රිය නෙත් සත්කාරයට එක්කර ගැනෙනවා. 
 

---------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණි ජනතාවට නෙත් එෆ් එම් වෙතින් විශේෂ අත්දැකීම් රැසක්

27-09-2018 20:38

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 07 වන දිනය වූ අද (27) පැමිණි පිරිසට විශේෂිත වූ අත්දැකීම් රැසක් විද ගැනීමට නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාව උදා කළා. මේ, ඒ පිළිබද තොරතුරු ගෙනඑන නෙත් එෆ් එම් විශේෂ නියෝජිත තාරක මඩවිටවිතානගේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා මෙවරත් නිල රේඩියෝ දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.

 

 

...........................................................................................................

ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අවසන් දිනය 30 වැනිදා

(27-09-2018 08:01)

20 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 07 වන දිනය අදයි.

අද දිනයේ ද ප‍්‍රදර්ශනයට පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලූ පහසුකම් සකස් කර ඇති බවයි ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ. එළඹෙන 30 වැනිදා දක්වා පමණයි  ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය පැවැත්වෙන්නේ.

පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබට මහගු සමාජ සත්කාරකයකට දායක වීමට නෙත් එෆ්. එම්. රේඩියෝව මෙවරද අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඒ, අලුත් පොතක් පරිත්‍යාග කර ජීවිතයක් අලුත් කිරීමේ අරමුණින්. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ අලුත් පොතක් නෙත් එෆ්. එම්. පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට පරිත්‍යාග කිරීමයි. ඔබ ලබාදෙන එම පොත් අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල ආරම්භ කිරීමේ මහගු සත්කාරයට එක්කර ගැනීමට නියමිතයි. 

දැනුම ඉතිරි කරන්නට නෙත් එෆ්. එම්. රේඩියෝව දිරිය නෙත් සමග ඔබට මෙලෙස ආරාධනා කරනවා.  

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන් දක්වනවා.

 

-----------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට එන පාඨක දන නෙත් මහඟු සත්කාරයට අදත් එක්වෙයි (UPDATE)

(26-09-2018 18:17)

 

20 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 06 වන දිනය වන අද (26) දිනයේද විශාල පිරිසක් ප‍්‍රදර්ශනය නැරමීම සඳහා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයට පැමිණ සිටියා. 

ප‍්‍රදර්ශනයට පැමිණෙන බොහෝ දෙනෙකු නෙත් එෆ් එම් සමාජ සත්කාරකයට ද සිය දායකත්වය ලබා දෙනවා.ඒ, ඔවුන් මිලදී ගන්නා අලූත් පොත් නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට පරිත්‍යාග කරමින්. 

ඒ, අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල ආරම්භ කිරීමේ මහඟු සත්කාරයට දායක වීමේ අරමුණින් යුතුවයි. 

මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝ දායකත්වය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.
 

------------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබත් නෙත් කුටියට පැමිණ දැනුම ඉතිරි කර යන්න

26-09-2018 08:17

20 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (26) 06 වන දිනයයි. අද දිනයේ ද ප‍්‍රදර්ශනයට පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලූ පහසුකම් සකස් කර ඇති බවයි ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් සමන්ත ඉන්දීවර ප‍්‍රකාශ කළේ. 

පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ඔබට මහගු සමාජ සත්කාරකයකට දායක වීමට නෙත් එෆ්. එම්. රේඩියෝව මෙවරද අවස්ථාව උදාකර දී තිබෙනවා.

ඒ, අලුත් පොතක් දන් දී ජීවිතයක් අලූත් කිරීමේ අරමුණින්.

ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ අලුත් පොතක් නෙත් එෆ්. එම්. පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට පරිත්‍යාග කිරීමයි. ඔබ ලබාදෙන එම පොත් අවශ්‍යතා සහිත පාසල්වල පුස්තකාල ආරම්භ කිරීමේ මහගු සත්කාරයට එක්කර ගැණෙනවා. 

දැනුම ඉතිරි කරන්නට නෙත් එෆ්. එම්. රේඩියෝව දිරිය නෙත් සමග ඔබට මෙලෙස ආරාධනා කරනවා.  

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ දායකත්වය නෙත් එෆ්. එම්. රේඩියෝවෙන් ලබා දෙනවා.

 

 

-------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද 05 වන දිනයයි (UPDATE)

(25-09-2018 20:08)

 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේ ස්ථාපිත නෙත් එෆ් එම් කලාපයට අද දිනයේ ද ජනතාවගෙන් ඉහළ ප‍්‍රසාදයක් හිමි වුණා. 

නෙත් එෆ් එම් පරිශ‍්‍රයට පැමිණි බොහෝ පිරිසක් පොත් කැටයට අලූත් පොතක් පරිත්‍යාග කිරීමට ද අමතක කළේ නැහැ. මේ, ඒ අතර සිටි කිහිපදෙනෙක්. 

දැයේ දරු දැරියන්ගේ නෙත් පෑදීම නෙත් එෆ් එම් මෙම සත්කාරයේ අරමුණයි. මෙම පොත් කැටයට එකතු වන සියලූ පොත් දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් පාසල් පුස්තකාල වෙත බෙදා දීමටයි සැලසුම් කර තිබෙන්නේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 05වන දිනය වූ අද දිනයේ ද බොහෝ පිරිසක් පොත් මිලදී ගැනීමට පැමිණ සිටිනු දැකගත හැකි වුණා. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝ සහකරු වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
 

................................................................

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ 05වන දිනය වූ අද දිවයිනේ නන් දෙසින් පැමිණි බොහෝ පිරිසක් පොත් මිලදී ගැනීමට යුහුසුළුව එක්ව සිටියා. මේ, ඒ අතර සිටි නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන. 


කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ ස්ථාපිත නෙත් එෆ් එම් පරිශ‍්‍රයට ද ජනතාවගෙන් ලැබෙන්නේ ඉහළ ප‍්‍රසාදයක්. එහි ඇති පොත් කැටයට ඔබ මිලදී ගත් අලූත් පොතක් පරිත්‍යාග කිරීමෙන් දැයේ දරු දැරියන්ගේ නෙත් පෑදීමට ඔබටත් දායක විය හැකියි. මෙම පොත් කැටයට එකතු වන සියලූ පොත් දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් පාසල් පුස්තකාල වෙත බෙදා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. 
කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝ සහකරු වන්නේ 
නෙත් එෆ් එම් රේඩියෝවයි.
 

 

............................................................

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (25) 05 වන දිනයයි. හැකි පමණ උදෑසනින් පැමිණ මෙම ප‍්‍රදර්ශනයේදී පොත් මිලදී ගන්නැයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය ඉල්ලීමක් කළා.

එහි සභාපති විජිත යාපා මේ බව පෙන්වා දුන්නා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නෙත් එෆ්. එම්. කුටියක්ද ඉදිකර තිබෙනවා. එහි තබා ඇති පොත් කැටයට ඔබ මිලදී ගත් අලූත් පොතක් පරිත්‍යාග කිරීමෙන් දැයේ දරු දැරියන්ගේ නෙත් පෑදීමට ඔබටත් දායක විය හැකියි.

මෙම පොත් කැටයට එකතු වන සියලූ පොත් දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් පාසල් පුස්තකාල වෙත බෙදා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නිල රේඩියෝ සහකරු වන්නේ  නෙත් එෆ්. එම්. රේඩියෝවයි.

-----------------------------

සිවුවන දිනයටත් පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජන ගඟක්  (UPDATE)

(24-09-2018 19:08)

 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ හතරවන දිනය අදයි (24). අද දිනයේද ප‍්‍රදර්ශනය නැරඹීමට වැඩි පිරිසක් පැමිණියා. ප‍්‍රදර්ශන භූමියේ ඇති නෙත් එෆ් එම් කුටියට පැමිණ පොත් කැටයට පොතක් පරිත්‍යාග කර දැනුම ඉතිරි කිරීමටද බොහෝ දෙනෙකු අමතක කළේ නැහැ. මේ, එම සත්කාරයට දායක වූ කිහිප දෙනෙක්.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 20 වන වරටයි. නෙත් එෆ් එම් රේඩියෝව එයට මාධ්‍ය ශක්තිය ලබාදෙනවා.
 

....................................................................

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන පිරිසට තදබදය අවම කර ගැනීමට උපදෙස් 

(24-09-2018 08:18)

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (24) හතරවන දිනයයි. පෙර දිනවලදී මෙන්ම අදත් පාඨකයන් බොහෝ දෙනෙකු ප‍්‍රදර්ශනයට පැමිණෙනු ඇතැයි සංවිධායකයින් විශ්වාසය පළ කරනවා.

මේ නිසා තදබදය අවම කර ගැනීමට පෞද්ගලික වාහන වෙන්කර තිබෙන ස්ථානවල ගාල් කර නොමිලේ සලසා තිබෙන පොදු ප‍්‍රවාහන සේවාවන්ගෙන් ප‍්‍රදර්ශන පරිශ‍්‍රය වෙත පැමිණෙන ලෙසයි සංවිධායකයින් පාඨකයන්ගෙන් ඉල්ලා සිටියේ.  ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් සමන්ත ඉන්දීවර මේ බව පෙන්වා දෙනවා. 

ප‍්‍රදර්ශන පරිශ‍්‍රය තුළ විනය ගරුකව හා පරිසර හිතකාමීව හැසිරෙන්නැයි ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ නෙත් එෆ්. එම්. කුටියක් ද ඉදිකර තිබෙනවා. එහි පැමිණ දිරියනෙත් සමාජ සත්කාරය සමග එක්වී අවශ්‍යතා සහිත පිරිස්වල නෙත් පෑදීම සඳහා දැනුම ඉතිරි කිරීමට පාඨකයන්ට හැකියි. 

පාඨකයන් ඒ සඳහා කළ යුත්තේ නෙත් එෆ්. එම්. කුටියේ තබා ඇති පොත් කැටයට අලුත් පොතක් පරිත්‍යාග කිරීමයි. පොත් කැටයට මෙලෙස එකතු වන පොත් අවශ්‍යතා සහිත පිරිස් වෙත බෙදා දීමට දිරිය නෙත් සමාජ සත්කාරය යටතේ කටයුතු කෙරෙනවා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන් ලබා දෙනවා. 

 

-----------------------------

හෙට පොහොය දිනයේත් පොත් ප‍්‍රදර්ශනය විවෘතයි

(23-09-2018 21:33)

 

පොහොය දිනය වුවද හෙට (24) දිනයේ ද ජනතාව වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය විවෘතව තැබීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව පැමිණෙන ජනතාව වෙනුවෙන් හෙට දිනයේ ද අවශ්‍ය සියලූ පහසුකම් සංවිධාන කරන බවයි ඔවුන් පැවසුවේ. මේ, පොත් ප‍්‍රදර්ශන කමිටු සභාපති ප‍්‍රදීප් සමරනායක.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ තුන්වන දිනය වන අද (23) දිවයිනේ නන්දෙසින් පැමිණි බොහෝ පිරිසක් පොත් මිලදී ගැනීම සදහා පැමිණ සිටින අයුරු දැකගත හැකි වුණා. 

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා මෙවරද නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. දිරිය නෙත් සමාජ සත්කාරය සමග එක්වී දැනුම ඉතිරි කිරීමටද ඔබට මෙහිදී දායක විය හැකියි.  

ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට ඔබ මිලදී ගන්නා අලූත් පොතක් පරිත්‍යාග කිරීමයි. අලූත් පොතක් පරිත්‍යාග කර ජීවිතයක් අලූත් කිරීමට දිරිය නෙත් සමග එක්වන්නැයි නෙත් එෆ් එම් අපි ඔබට ද ආරාධනා කරනවා.
 

..................................................................

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි

(23-09-2018 13:09)

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 20වන වරට සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට මේවනවිටත් පාඨකයින් රැසක් පැමිණෙමින් සිටිනවා. එලෙස පැමිණි පාඨකයින් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.



මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති නෙත් එෆ් එම් කලාපයට පැමිණීමෙන් වෙනදා මෙන්ම නැවුම් අත්දැකීම් රැුසක් විඳ ගැනීමට ඔබට ද අවස්ථාව පවතිනවා. ඔබටද පොත් මිලදී ගැනීම සඳහා රුපියල් 5,000 ක වවුචරයක් දිනා ගැනීමට අවස්ථාව හිමිවනවා. ඔබ ඒ සඳහා කළ යුත්තේ නෙත් හිස්තැනක් නම ගම යොදා 55 යි 66 ට එස් එම් එස් කිරීමයි.  දිරිය නෙත් සමාජ සත්කාරය සමග එක්වී දැනුම ඉතිරි කිරීමටද ඔබට දායක විය හැකියි.  

ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට ඔබ මිලදී ගන්නා අලූත් පොතක් පරිත්‍යාග කිරීමයි. අලූත් පොතක් පරිත්‍යාග කර ජීවිතයක් අලූත් කිරීමට දිරිය නෙත් සමග එක්වන්නැයි නෙත් එෆ් එම් අපි ඔබට ද ආරාධනා කරනවා.

....................................

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 20වන වරට සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අද (23) තුන්වන දිනයයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය උදෑසන 9.00 සිට රාති‍්‍ර 9.00 දක්වා පැවැත්වෙනවා. ඊයේ (22) දිනයේ ද ප‍්‍රදර්ශනය නැරඹීමට පාඨකයින් රැසක් පැමිණියා.

අද දිනයේද පාඨකයින් රැසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇති බවයි ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ.

මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ්. එම්. රේඩියෝවයි. ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති නෙත් එෆ්. එම්. කලාපයට පැමිණීමෙන් වෙනදා මෙන්ම නැවුම් අත්දැකීම් රැසක් විඳ ගැනීමට ඔබට ද අවස්ථාව පවතිනවා.

දිරිය නෙත් සමාජ සත්කාරය සමග එක්වී දැනුම ඉතිරි කිරීමටද ඔබට දායක විය හැකියි. 

ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ නෙත් එෆ්.එම්. පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට ඔබ මිලදී ගන්නා අලූත් පොතක් පරිත්‍යාග කිරීමයි. 

අලුත් පොතක් පරිත්‍යාග කර ජීවිතයක් අලුත් කිරීමට දිරිය නෙත් සමග එක්වන්නැයි නෙත් එෆ්. එම්. අපි ඔබට ද ආරාධනා කරනවා.    

-------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට එන ඔබත් පොත් කැටයට පොතක් දමන්න (UPDATE)

(22-09-2018 19:00)

 

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 20වන වරට සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීම සඳහා මේවනවිටත් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති නෙත් එෆ් එම් කලාපයට පැමිණී බොහෝ දෙනෙකුට මෙහිදී නැවුම් අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව උදා වුණා. නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට අලූත් පොතක් පරිත්‍යාග කළ කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාඨකයන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.


................................................................

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 20වන වරට සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ දෙවන දිනය අද යි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනය උදෑසන 9.00 සිට රාති‍්‍ර 9.00 දක්වා පැවැත්වෙනවා. අද (22) දිනයේදී ඊයේ දිනයට වඩා වැඩි පාඨක පිරිසක් ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇති බවයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ.

මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති නෙත් එෆ් එම් කලාපයට පැමිණීමෙන් වෙනදා මෙන්ම නැවුම් අත්දැකීම් රැසක් විඳ ගැනීමට ඔබට අවස්ථාව පවතිනවා. දිරිය නෙත් සමාජ සත්කාරය සමග එක්වී දැනුම ඉතිරි කිරීමටද ඔබට දායක විය හැකියි. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට ඔබ මිලදී ගන්නා අලූත් පොතක් පරිත්‍යාග කිරීමයි. 

ඊයේ දිනයේ ප‍්‍රදර්ශන භූමියේ පිහිටි නෙත් එෆ් එම් කලාපයට පැමිණි මහාචාර්ය ජේ බී දිසානායක මෙම වැඩසටහන සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළා.
        
අලූත් පොතක් පරිත්‍යාග කර ජීවිතයක් අලූත් කිරීමට දිරිය නෙත් සමග එක්වන්නැයි නෙත් එෆ් එම් අපි ඔබටද ආරාධනා කරනවා.

-----------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට එන ජනතාවට විශේෂ පණිවුඩයක් (UPDATE)

21-09-2018 09:42

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. ඒ, ඇතිවන රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින්. රථ වාහන ගාල් කිරීම සඳහා මංතීරු කිහිපයක් ද හඳුන්වාදීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව රාජ්‍ය පරිපාලන හංදියේ සිට මේට්ලන්ඞ් ක‍්‍රසන්ට් හංදිය දක්වා, නිදහස් වට රවුම සිට රාජ්‍ය පරිපාලන හංදිය දක්වා, නිදහස් චතුරස‍්‍රයේ සිට රූපවාහිනී පරිශ‍්‍රය දක්වා සහ බෞද්ධාලෝක මාවත සිට ග්‍රෙගරි මාවත දක්වා වූ මාර්ගයන්හි වම් පස තීරුවේ රථ වාහන ගාල් කළ හැකි බව පොලීසිය පැවසුවා.

-----------------------------------------

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද ඇරඹෙයි

21-09-2018 07:08

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 20වන වරට සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය අද (21) ආරම්භ වනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදීයි. ප‍්‍රදර්ශනය ලබන 30වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වන ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ මහ ලේකම් සමන්ත ඉන්දීවර පැවසුවේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට පැමිණෙන ජනතාව වෙනුවෙන් පහසුකම් රැසක් සළසා ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මෙවරද කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. ප‍්‍රදර්ශන පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති නෙත් එෆ් එම් කලාපයට පැමිණීමෙන් වෙනදා මෙන්ම මෙවරද අපූරු අත්දැකීම් රැසක් විඳ ගැනීමට ඔබට අවස්ථාව පවතිනවා. දිරිය නෙත් සමාජ සත්කාරය සමග එක්වී දැනුම ඉතිරි කිරීමට ඔබටද දායක විය හැකියි. ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට ඔබ මිලදී ගන්නා අලූත් පොතක් පරිත්‍යාග කිරීමයි. 

එමගින් ඔබත් දිවයින පුරා පිහිටි අවශ්‍යතා ඇති පාසල් වල පුස්තකාල ආරම්භ කිරීමේ මහගු සත්කාරයේ කොටස්කරුවෙකු වනු ඇති. අලූත් පොතක් දන්දී ජීවිතයක් අලූත් කිරීමට දිරිය නෙත් සමග නෙත් එෆ් එම් අපි ඔබට මෙලෙස ආරාධනා කර සිටිනවා.

ඒ සඳහා ඔබ කළ යුතු වන්නේ නෙත් එෆ් එම් පරිශ‍්‍රයේ ඇති පොත් කැටයට ඔබ මිලදී ගන්නා අලූත් පොතක් පරිත්‍යාග කිරීමයි. 

එමගින් ඔබත් දිවයින පුරා පිහිටි අවශ්‍යතා ඇති පාසල් වල පුස්තකාල ආරම්භ කිරීමේ මහගු සත්කාරයේ කොටස්කරුවෙකු වනු ඇති. අලූත් පොතක් දන්දී ජීවිතයක් අලූත් කිරීමට දිරිය නෙත් සමග නෙත් එෆ් එම් අපි ඔබට මෙලෙස ආරාධනා කර සිටිනවා.