Thursday, April 25, 2024

General line - 0115112241

රුපියල බාල්දුවීම වැලැක්වීමට කළ යුතු හොඳමදේ මෙන්න - ආචාර්ය ජනක් කුමාරසිංහ

තරංග රුක්ෂාන්/ කසුන් කැළුම්/ සජිත් තිලකරත්න




අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල මේවනවිට සටහන් වන්නේ රුපියල් 168.63ක් ලෙසයි. ආර්ථීක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ රුපියල මෙලෙස දිනෙන් දින අවප‍්‍රමාණය වීමට ජාත්‍යන්තර හේතු සාධකද බලපා ඇති බවයි. 

රුපියලේ අගය පහත වැටීම පාලනය කිරීමට ශී‍්‍ර ලංකා මහ බැංකුවට මැදිහත්විය නොහැකිදැයි කළ විමසීමේදී ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ ඩොලර් සංචිත මුදා හැරීම හෝ විදේශ ණය මුදලක් ලබාගෙන වෙළඳපොළට ඩොලර් නිකුත් කිරීම කෙටි කාලීන විසඳුම බවය. නමුත් එය එතරම් සුදුසු ක්‍රියාවක් නොවන බවද ඔහු පැවසුවා.

මෙම තත්වයෙන් මිදීමටනම් රටට ලැබෙන විදේශ ආදායම වැඩිකරගත යුතු බවත් එය දේශීය අමුද්‍රව්‍ය ඇසුරෙන් වටිනාකම් එකතු කළ භාණ්ඩ නිෂ්පාදනය තුලින් කළයුතු බවත් ඔහු අවධාරණය කරනවා.

රුපියලේ අගය පහත වැටීම වැළැක්වීමට සිදු කල හැකි කෙටි කාලීන හා දිගු කාලීන කි‍්‍රයාමාර්ග පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා.