Thursday, April 25, 2024

General line - 0115112241

නැගෙනහිර සරසවියේ කථිකාචාර්යවරියකගේ මළසිරුරක් ති‍්‍රකුණාමලය වෙරළෙන් සොයා ගැනේ (PHOTOS)

අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය




නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ති‍්‍රකුණාමල මණ්ඩපයේ සේවය කරන කථිකාචාර්යවරියකගේ මළසිරුරක් ති‍්‍රකුණාමලය, කොටුව වෙරළේ තිබී සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා ජනසන්නිවේදන විද්‍යා පීඨයේ කථිකාචාර්යවරියක් වන නඩරාසා පොතනායගි නමැති 29 හැවිරිදි කාන්තාවක්.

ඇයගේ අත්බෑගය හා පාවහන් යුගලය ති‍්‍රකුණාමලය වෙරළේ සිටි පුද්ගලයෙකු විසින් සොයාගෙන පොලීසිය වෙත භාරදී තිබෙනවා. පසුව ඇයගේ සිරුර වෙරළ ආසන්නයේ මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.