Friday, April 19, 2024

General line - 0115112241

සවුදි අරාබි රූපවාහිනීයේ සිදුවූ ඓතිහාසික සිදුවීම (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ




ඉතිහාසයේ පළමු වරට සවුදි අරාබියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය සදහා කාන්තා නියෝජනයක් සිදුව තිබෙනවා. ඒ සවුදි අරාබි රජය යටතේ ක්‍රියාත්මක වන  "අල් සවුදියා" රූපවාහිනී සේවයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශනය ඉදිරිපත් කිරීමට වීආම් අල් දකීල් (Weam Al Dakheel) නම් ප්‍රවෘත්ති නිවෙදිකාවට ඉඩප්‍රස්තාව ලැබීමත් සමගයි.

මෙම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය සදහා වීආම් අල් දකීල් සමග පිරිමි ප්‍රවෘත්ති නිවේදකයෙක් ද එක්ව සිටියා.

පළමු වරට ජාතික ප්‍රවෘත්ති විකාශනයක් සදහා කාන්තා නිවේදිකාවක් ලෙස එක්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල හරහා විශාල පිරිසක් වීආම් අල් දකීල් හට සුභ පැතුම් එක් කර තිබෙනවා.

2030 වසර වන විට සවුදි අරාබියේ ආර්ථික ප්‍රතිපත්තිය පිලිබඳ එරට ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් ගේ වැඩපිලිවල යටතේ එරට කාන්තාවන් ඊට දායක කර ගැනීමට මේ වන විටත් වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

මිට මාස දෙකකට ඉහතදී සවුදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර හිමිවීමත් එමෙන්ම ගුවන් නියමුවරියන් ලෙස පුහුණුවීමට අවස්ථාව සැලසුනේ ඔටුන්න හිමිකුමරුගේ වසර 2030 ආර්ථික සැලසුමට අනුවයි.

ලොව කාන්තා නිදහස අවම රටවල් අතුරින් ලොව දෙවන ස්ථානයට සවුදි අරාබිය හදුන්වනු ලබන අතර පළමු ස්ථානයේ පසුවන්නේ ඇෆ්ගනිස්ථානයයි.