Friday, April 19, 2024

General line - 0115112241

උද්ධමනය පහළට




2018 අගෝස්තු මස ලක්‍ෂමය උද්ධමනය පෙර මාසයේ පැවති සියයට 3.4 ට සාපේක්‍ෂව සියයට 2.5 ක් දක්වා පහළ ගොස් තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිළ දර්ශකයේ විචලනය මගින් මතුපිට උද්ධමනය මනිනු ලබනවා.

මෙම පහළ යාම සඳහා ආහාර කාණ්ඩයේ අයිතමවල මිළ ගණන්හි සිදුවූ පහළ යාම ප‍්‍රධාන වශයෙන් හේතු වු බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව පවසන්නේ. එමෙන්ම ලක්‍ෂමය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිළ දර්ශකයේ වෙනසද ඉකුත් ජූලි මාසයේ වාර්තා වූ සියයට 5.1 ට සාපේක්‍ෂව අගෝස්තු මාසයේදී සියයට 4.7 දක්වා පහළ ගොස් ඇති බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව සදහන් කළේ.