Friday, April 19, 2024

General line - 0115112241

"අපව ගලවා ගන්න" නාය යාමෙන් යටවූ මිනිසුන් ඥාතීන්ට කෙටි පණිවිඩ එවයි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




මධ්‍යම පිලිපීනයේ නාගා නගරය ආසන්නයේදී ඉකුත් බ්‍රහස්පතින්දා සිදුවූ නාය යාමෙන් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් තමන් බේරා ගන්නයි ඉල්ලා සිය ඥාතින් හට කෙටි පණිවිඩ මගින් දැනුම් දී උදව් ඉල්ලා සිටි බවත් මේ වන විට ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ඔවුන්ගේ ඥාතින් සදහන් කරනවා.

මාන්ගුට් සුළි කුණාටුවෙන් ඇතිවූ අධික වර්ෂාව නිසා මෙම නාය යාම සිදුවූ අතර නාගා නගරය ආසන්නයේ පිහිටි ගම්මානයක් මුළුමනින්නම පස් වලින් යටවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

සහන සේවකයින් විසින් සිදුකළ මෙහෙයුම් වලදී මියගිය පුද්ගලයින් 29 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති බවයි පිලිපීන රජය සදහන් කරන්නේ.