Friday, March 29, 2024

General line - 0115112241

ජනාධිපති ඉවත් කරන්න කුමන්ත්‍රණය කළේ නැහැ - අමෙරිකානු උප නීතිපති කියයි

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධූරයෙන් ඉවත් කිරීමට කුමන්ත‍්‍රණය කළ බවට පළ වන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව එරට උප නීතිපති 
රොඞ් රොසන්ස්ටයින් පවසනවා. ඔහු මේ බව පැවසුවේ සුප‍්‍රකට අමෙරිකානු පුවත්පතක පළවූ වාර්තාවකට ප‍්‍රතිචාර දක්වමින්. 

ජනාධීපතිවරයා එම ධූරයට නුසුදුසු නම් ඔහු තනතුරෙන් ඉවත් කළ හැකි බලතල පවතින අමෙරිකානු ව්‍යවස්ථාවේ 25වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා කැබිනට් මන්ති‍්‍රවරුන් රැස් කිරීම සම්බන්ධයෙන් උප නීතිපතිවරයා සාකච්ඡා පවත්වා ඇති බව එම පුවත්පත මගින් අනාවරණ කර තිබෙනවා. උප නීතිපති රොඞ් රොසන්ස්ටයින් සැලකෙන්නේ අමෙරිකාවේ දෙවන ඉහළම නීති නිලධාරියා ලෙසයි. 

ඒ අනුව තමාට සම්බන්ධයෙන් පළ වන මෙම වාර්තාවන් පදනම් විරහිත බවත්, සත්‍යතාවයෙන් තොර බවත් රොඞ් රොසන්ස්ටයින් ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් අදාළ වාර්තා හෙළිදරව් කරන්නේ 2017 වසරේදී එෆ් බී අයි සංවිධානයේ සහ එරට අධිකරණ නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා වලදී නීතිපති රොඞ් රොසන්ස්ටයින් මෙම කුමන්ත‍්‍රණය සිදු කර ඇති බවයි.