Saturday, April 20, 2024

General line - 0115112241

සිය රජයක් යටතේ ණය පියවන්න මහින්ද සූදානම්

පසන් වික්‍රමතිලක




ගෙවීමට ඇති ඩොලර් බිලියන 15ක ප‍්‍රමාණය  සිය ආණ්ඩුවක් යටතේ පියවීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. රුපියලේ අගය දිගින් දිගටම අවප‍්‍රමාණය වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ අද (21) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. 

අපිට ණය ගෙවන්න පුළුවන් තත්ත්වයක් රටේ තිබුනා. වරාය හදන්න ගත්ත ණයයෙන් පළමු වාරියකය වරයා අධිකාරිය හරහා අපි ගෙව්වා. පහුගිය ආණ්ඩුවේ දුර්වලකම් කියව කියව ඉදලා වැඩක් නැහැ. අපි අපේ කාලයේ චන්ද්‍රිකා ගැන කිය කියා හිටියනම් පස්සේ 2001 වසරේ රනිල්ගේ පාලනය ගැන කිය කිය හිටියනම් අපිට කිසිදෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. අපිට යුද්දේ කරන්න හම්බ වෙන්නෙත් නැහැ, රට සංවර්ධනය කරන්න හම්බ වෙන්නෙත් නැහැ. අපි ඒවා පැත්තක තියලා අපි අපේ වැඩේ කළා. අපිට ජනතාව බාරදීලා තියෙන්නේ අවුරුදු 05 ක කොන්ත්‍රාත් එකක් යැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

කඩා වැටී ඇති මෙරට ආර්ථිකය ගොඩනැගීමට සිය රජයක් යටතේ මිත‍්‍ර රටවල සහය අපේක්ෂා කරන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර විමල් වීරවංශ ද මෙහිදී අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේ මුදල් ඒකක වලට සාපේක්ෂවද ශ‍්‍රී ලංකා රුපියලේ අගය පහත වැටී ඇති බවයි.

රට පත්ව ඇති ආර්ථික අර්බුධය ගැන සලකා රටේ පාලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ විකල්ප ආණ්ඩුවට භාරදිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්ණ කළා.