Friday, March 29, 2024

General line - 0115112241

හමුදා ආචාර පෙළපාලිය අතර වාරයේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ හැටි (VIDEO/PHOTOS)

දිනුක් හේවාවිතාරණ




ඉරානයේ වාර්ෂික හමුදා ආචාර පෙළපාලිය අතර වාරයේදී ආයුධ සන්නද්ධ තුවක්කුකරුවන් සිවුදෙනෙකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් ඇතුළුව පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරය විනාඩි 10 ක පමණ කාලයක් පැවති බවයි ඉරාන ආරක්ෂක අංශ සදහන් කර සිටියේ.

ඉරාන ආරක්ෂක හමුදාවන් විසින් එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර වලින් තුවක්කුකරුවන් සිවුදෙනා මියගොස් තිබෙනවා. මෙම තුවක්කුකරුවන් ගේ ඉලක්කය වුයේ හමුදා ආරක්ෂක පෙළපාලියට සහභාගිවී සිටි රජයේ ජේෂ්ඨ ඇමතිවරුන් සහ නිලධාරීන් බව එරට ආරක්ෂක අංශ සැකපළ කරනවා.

ඉරාන විදේශ ඇමතිවරයා මෙම ප්‍රහාරය අමෙරිකාවේ උදව් ලබන අරාබි සංවිධානයක් විසින් සිදුකළ එකක් බවට මුලින් ප්‍රකාශ කර සිටියා. නමුත් මෙම ප්‍රහාරයේ වගකීම මේ වන විට අරාබියේ ක්‍රියාත්මක අහාස් ජාතික ප්‍සංවිධානය සහ ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානය භාර ගෙන තිබෙනවා.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් සිවුදෙනා හමුදා නිළ ඇඳුම් වලට සමාන ඇදුම් වලින් සැරසී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 53 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඉරාන මාධ්‍ය සදහන් කරනවා.